Thursday, May 16, 2013

අපි ආයෙමත්..


එක පාරටම බ්ලොග් ටිකක් කියවන්ඩ ලැබුනා, ඒ ජයරුවන් කියවනවා දැකලා. ඉතින් මගේ පරණ බ්ලොග් එක දිහාත් බැලුවා. මම කීයටවත් හිතුවේ නෑ, එක කවුරුත් කියවන්ඩ ඇති කියලා. එත් වැරදීමකින් හරි මගේ බ්ලොග් එකටත් කට්ටිය ඇවිත් කියල දැක්කම ආයෙත් ලියන්න හිතුනා. ඉස්සරහට ටිකක් දියුණු විදියකට බ්ලොග් එක ලියන්නයි බලාපොරොත්තුව. හැමෝගෙම අදහස් ඉහලින්ම බලාපොරොත්තු වෙනවා.

Tuesday, January 24, 2012

මේ නගරය මා ඔබ

මේ නගරය මා ඔබ මුන ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස්පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

-මර්වින් පෙරේරා

හන්තානට පායන හඳ

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න

ළතා මඬුළු අතවනාවී එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න

මා සඳට කැමති බව දැනගෙන

මා සඳට කැමති බව දැනගෙන
නුඹ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
නුඹ මල අයින් කළා නටුවෙන්

නොයිඳුල් තොල් පෙති අතරින්
උදුරා ගෙන සිනහව
හදවත නැති මිනිසා නුඹ
නෙත කඳුළැලි ගෙනාව

එක්ටැම් ගෙයි සිරගත කළ
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

විශාරද නන්දා මාලිනි


Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Melody : Rohana Weerasinghe

මේ තරම් සියුමැලිද කළු ගල්

මේ තරම් සියුමැලිද කළු ගල් සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා..

කලා වැව ළඟ ඉළුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා..

ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩයැයි කියා
තවම තනිකඩයැයි කියා..

- සුනිල් එදිරිසිංහ

Wednesday, August 4, 2010

නෙතින් නෙත බලාලා

නෙතින් නෙත බලාලා.. සිතේ දුක නිවාලා..
අදින් පසු නිමා වේ.. අපේ ඒ කතා...
රකින්නට සෙනේහේ හඬන්නට එපා..
නිමාවක් නොවේ මේ.. ඇරඹුමක් නිසා..

ඈත් බව දැනීලා.. ඔබේ හා මගේ..
දුරක් ආ නිසා දැන්.. දුකක් ඒ වගේ..
මහා සාගරේ සේ.. තිබුනත් සිතේ..
කුමට හිමි වුනාදෝ.. අහිමි ආදරේ..

පතන්නට පවා මා.. වරම් අහිමි වූ..
හැඟීමත් රිදුම් දේ.. හෙටට උරැම වූ..
දිනන්නට කිසිත් නෑ.. ලොවේ මින් මතූ..
මගෙන් ඔබ ඈත් වී ගියයින් පසූ....

- රෝහණ බෝගොඩ

මේ ගීතයේ අදහස කුමක්දැයි ඔබ සිතන්නේද....